WELCOME TO
official Website
චරිත් කවුද?
දකුණු පලාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ රජ්ගම මැතිවරණ කොට්ඨාශයට අයත් අකුරල ග්‍රාමයේදී ඉඩම් හිමි වැවිලිකරුවෙක් වූ මෙරෙඤ්ඤ කරුණාන්නද ජයරත්නට හා කොස්ගොඩ වෙලන්ගොඩ වීරක්කොඩි ශ්‍රියානි රේණුකා මෙන්ඩිස් දෙපලට දාව පවුලේ එකම පිරිමි දරුවා ලෙසින් 1993 දෙසැම්බර් මස 03 වන දින ඉහල සමාජ හා දේශපාලන පසුබිමකට උරුමකම් කියමින් උපත ලද මෙරෙඤ්ඤ චරිත් ජයරත්න
අධ්‍යාපනය
අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයෙන්ද ගාල්ල මහින්ද විද්‍යාලයෙන්ද පාසල් අධ්‍යාපනය නිම කොට රුහුණු විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය හා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ගෞරව උපාධියක් හිමිකරගත් චරිත් විදෙස්ගතව එක්සත් රාජධානියේදී ජාත්‍යන්තර කළමනාකරණ ශාස්ත්‍රපති උපාධිය නියම කරනවා. ඉන් නොනැවතී දේශපාලනයට අත්‍යවශ්‍ය වන නීතිය මේ වනවිට හදාරමින් සිටිනවා
වෘතිය සුදුසුකම්
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වශයෙන් වගේම සිය පවුලෙන් ලැබුණු ව්‍යාපාර ඉතා කෙටි කාලයකින් දියුණුවට පත්කොට දක්ෂ ව්‍යවසායකයෙකු ව්‍යාපාරිකයකු ලෙසද චරිත් සේ වෘත්තීය අත්දැකීම් ප්‍රගුණ කොට ගෙන ඇත
සමාජ සේවය
“හරි පාර”
නිරතුරුව තම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා මෙන්ම විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය වෙන පාසල් උපකරණ ලබාදීමේ සිට ප්‍රදේශයේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ඉහළ නැංවීමට මෙන්ම අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් පෙර පාසලක් පවත්වාගෙන යෑම චරිත් සිදු කරන සමාජ සේවයේ ඉහළින්ම අපට දැක්විය හැක
සමාජ සේවය
“යොවුන් සවිය”
තාරුණ්‍ය සවිබල ගැන්වීම අදිටන් කොට ගෙන දිස්ත්‍රික්කය පුරා යොවුන් සමාජ ක්‍රීඩා සමාජ හා ක්‍රියාකාරී යෞවනයන් වෙනුවෙන් ක්‍රීඩා උපකරණ සහ අවශ්‍ය උපදේශන ලබා දීම සහ ක්‍රීඩා වැඩසටහන් පැවැත්වීම, විවේක කාලය ඵලදායීව ගත කිරීම සදහා රත්ගම ආසනය තුල සියලුම ක්‍රීඩා සහ යෞවුන් සමාජ වෙනුවෙන් වාර්ෂිකව ක්‍රීඩා උපකරණ ප්රදානය කිරීම
චරිත් පාර්ලිමේන්තු වේ සිටිය යුතුම අයෙක් වන්නේ ඇයි ?
මිතුරනිල මේ උදාවෙලා තියෙන දේශපාලන අවකාශය වෙන් වෙලා තියෙන්නේ අලුත්, උගත් හදවතින් රට ගැන දැනෙනල කැපවෙන්න පුළුවන් නායකයින්ට ඉදිරියට එන්නග ඒ අවකාශය වෙන්වෙන්නේ ජාතික ජන බලවේගයට විතරද ? ඔබ භාවිතා කරපු ඡන්දය භාවිතා කරේ එක් පුද්ගලයකුගේ ජයග්‍රහණයකට වඩා සමස්ත දේශපාලන සංස්කෘතියේම වෙනසකට කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවාග දේශපාලන නායකයකුට එන අභියෝග හැමවිටම ,එකයි එකයි දෙකයි, වගේ නිශ්චිත විසඳුම් සහිත අර්බුද ගැටුම් ප්‍රශ්න නෙමෙයි ගොඩක් වෙලාවට ඒ වගේ ගැටුම් අර්බුද ප්‍රශ්නවලට මැදිහත් වෙන දේශපාලන නායකයාගේ කාර්යභාරය වෙන්නේ ජනතාවගේ අරමුණු සාක්ෂාත් වෙන බව තහවුරු කරනල වංචාව දූෂණය නාස්තියට ඉඩක් නැති බව තහවුරු කරන රටේ ආර්ථිකයට ලැබෙන්න පුළුවන් විශිෂ්ටම දායකත්වය වෙනුවෙන් පෙනී සිටින පදනමක් වෙනුවෙන් තමන්ගේ විශේෂඥතාවය අවංකව භාවිත කිරීමග ඒ වෙනුවෙන් ආත්ම විශ්වාසයෙන් හඬක් නැගීම විකල්ප ගොඩක් අතරින් වඩාත්ම උචිත විකල්පය මොකක්ද කියලා ජනතාවට හරියටම තීරණය කරන්නල ඒ වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් වේදිකාවක් ගොඩනැගීමේ කාර්යභාරයයි නිවැරදි දේශපාලන නායකත්වය විදිහට මම විශ්වාස කරන්නේ අපිට ලෝකය දැනුණු විදිහත් ඒ අනුව රටේ දිශානතිය කෙසේ විය යුතුදැයි දකින අවංක මතවාදයන් පමණක් අපේ දේශපාලන වෙන්වීම සලකුණු කරන රේඛාව බවට පත්වෙන එතනින් එහාට පොදුල රට වෙනුවෙන් සැකසුණු නව දේශපාලන සංස්කෘතියක පරිච්ඡේදයක් වෙනුවෙන්ල ඔබව නියෝජනය කරන්නට මෙය හොඳම වෙලාව බව මට කිසිදු සැකයක් නැහැග
ඔබ සැමට ජය!
මම නියෝජනය කරන්නේ ඔබවයි
කම්හලේ වැඩ කළේ පාරේ බස් එකේ දවස පුරා දාඩිය මහන්සිය වපුරන ඔබ වෙනුවෙන් විපක්ෂයේ ඉඳන් මට කළ හැකි බොහෝ දේ තිබෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතා ඉක්මනින් අසාධාරණයට ලක්වෙන අපේ ජනතාව ඔබයි. ඒ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඔබේ ජන ජීවිතය දන්න ප්‍රබල හඬක් විදිහට මම හැමදාමත් ඔබත් සමග සිට ගන්නවා
තේ රබර් වතුවල මගේ ජනතාවට ඇති මූලිකම ප්රශ්නය හොඳ ජීවන මට්ටමක් උදෙසා හොඳ නිවහනක් තම දරුවන්ට අධ්‍යාපනය කරදරයක් නැතුව ලබාදීමට මාර්ගයක් සහ ඒ සඳහා අවශ්‍ය උපකාරයයි. නිරන්තරයෙන් ඔබේ අභියෝගයන්ට සවන් දෙන්නට ඒ අභියෝගයන් වෙනුවෙන් පෙනී සිටින්නට ඒ අභියෝගයන්ට අවශ්‍ය විසඳුම් සොයන්නට ඔබට අවශ්‍ය වන්නේ ප්‍රබල විපක්ෂ හඬක්
මමත් සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස, අපට මුහුණ දීමට සිදුවන අභියෝග සහ ඒ අභියෝග ජය ගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක් තුළින් හිමිවිය යුතු අවධානය සහ උපකාර පිළිබඳ මට ඇත්තේ ඉතාම ප්‍රායෝගික අවබෝධයක් සහ දැනුමක්. ව්‍යාපාරිකයන්ගේ ගැටලු වලට විසඳුම් පාට පක්ෂ ඇතුළේ ගැබ් වෙලා නැහැ. ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය වන සහාය ගොඩනැගීමට පක්ෂ විපක්ෂ සියල්ල එකතු වුණු බලවේගයක් නිර්මාණය කරන්නට මම ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා.
රටේ ආර්ථිකයේ කොඳු නාරටිය බවට පත්වන්නේ ඔබයි ආර්ථික මට්ටම ඉහල නංවා ගැනීම තුළින් ගෞරවාන්විත ලෙස තම වෘත්තිය කිරීමට පරිසරයක් නිර්මාණය කර ගැනීම තුළින් ඔබ අපේක්ෂා කරන පරිවර්තනය මුළු රටේම දියුණුව තීරණය කරාවි සබුද්ධික ජනතාවක් වන ඔබට ප්‍රබල විපක්ෂ හඬක් ඔබ වෙනුවෙන් කොපමණ ධෛර්යයක් බවට පත් වේවිදැයි මා අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ
මම නියෝජනය කරන්නේ ඔබවයි
පාසල් අධ්‍යාපනය නිම කරලා එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපනයට වෘත්තීය පුහුණුවට මේ වෙනකොට යොමුවෙලා ඉන්න ගාල්ලේ තරුණ තරුණියෝ ටික, වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර යහපත් දේශපාලන සංස්කෘතියක පෙරගමන්කරුවන් වුනේ ඔබයි. ඒ නිසාවෙන්මයි අද ඔබව නියෝජනය කරන්නට මට වේදිකාවක් නිර්මාණය වෙලා තිබෙන්නේ. කෘෂිකර්මාන්තයෙන් ව්‍යවසායකත්වයෙන් පටන්ගෙන තොරතුරු තාක්ෂණයෙ හිනිපෙත්තටම යන්න අවස්ථා හොයන ඒ සඳහා ධෛර්ය සම්පන්න වන ඔබට, මෙතෙක් කල් මගහැරී ගිය අවස්ථා, ජයග්‍රහණ බොහොමයක් තිබෙනවා. තරුණයකු ලෙස මටත් දැනෙන ඔබේ ජීවන හද ගැස්ම, පැරණි ජරා ජීර්ණ වූ දේශපාලන රේඛාවලින් බෙදා වෙන් කරන්නට බැහැ. තරුණ අපිට අවශ්‍ය ජයග්‍රහණ ලබාගත හැක්කේ කවුරුන් හෝ බන්දේසියක තබා ලබා දෙනතුරු බලා සිටීමෙන් නොව ඒ වෙනුවෙන් අභියෝගයන්ට මුහුණ දීමෙන් බව නොරහසක්. දේශපාලනික හෝ දේශපාලනික නොවන ඕනෑම අභියෝගයකදී ගාලු තරුණයන්ට අතේ දුරින් සිටින නායකයකු වන්නටයි මාගේ අභිප්‍රාය.
CONNECT WITH CHARITH JAYARATNA
එන්න අපහා එක්වන්න, දැන්ම පහලින් තියෙන ලින්ක් එක කිලික් කර අපගේ වට්සප් සමූහයට එකවන්න